චමුදිතට ආරක්ෂාව සපයන්නැයි පොලීසියට නියෝගක්

0
271

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සහ ඔහුගේ පවුලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) පොලීසියට නියෝග කළාය.

ඒ තමාට ආරක්ෂාව සපයන්නැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෝසමක් මාර්ගයෙන් කැස්බෑව අධිකරණයෙන් සිදු කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව පොලීසියේ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාෂයට අධිකරණය විසින් නියෝග කරමින් චමුදිත සමරවික්‍රමට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස නියෝග කෙරුණි.

කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්දිකා වීරසිංහ විසින් මෙම නියෝගය අද නිකුත් කලාය.

චමුදිත සමරවික්‍රමගේ නිවසට පසුගිය 14 වැනි දින අළුයම සිදුකල පහරදීමෙන් පසු දින පහක් ගත වී ඇතත් තවමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති නිසා තාමාට සහ තම පවුලට ආරක්ෂාව සපයන ලෙස මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කලද ඒ සඳහා යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් තම පවුලට ආරක්ෂාව සපයන ලෙස මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම විසින් කැස්බෑව අධිකරණයට මෝසමක් ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here