ආණ්ඩුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ගැන විශ්වාසයක් නෑ – කාදිනල් හිමි

0
476

පවතින රජය පිළිබදව සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සිදුවන බවට තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වළක්වා නොගත් රාජ්‍ය නායකයින්ට සහ උසස් ආරක්ෂ නිළධාරීන්ට රජය විසින් ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි උන්වහන්සසේ අවධාරණය කරන්නේ.

අද පෙරවරුවේ පැවති ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහනක් අන්තර්ජාලය ඔස්සේ අමතමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කලා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරු ජනාධිපති කොමිෂන් සභාව විසින් නිකුත් කල ශාක්ෂි සටහන් පවා සගවා තබමින් නීතියට අවමන් කිරීමට රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එහිදී වැඩිදුරටක් අවධාරණය කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here