සරසවි සිසු හා අනධ්‍යයන සේවක විරෝධතාවෙන් දැඩි මාර්ග අවහිරතා…

0
357

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මේවන විට කොළඹ, ඔල්කට් මාවත ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අත්අඩංගුවට‍ ගෙන රිමාන්ඩ් කර සිටින අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්වෙන අතර මේ සඳහා සරසවි රැසක සිසුන් එක්ව සිටින බව වාර්තා වේ.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භකර ඇති විරෝධතාවයක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගයේ ද මේවන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

ඉල්ලීම් 8ක් මුල්කරගනිමින් ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වර්ජනයක නිරතව සිටියි.

තම ඉල්ලීම් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් මෙලෙස සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කළ බව ඔවුන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here