මුහුද මැදදී නැවක් ගිනිගනී

0
272

ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේදී නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසියේ සිට ඉතාලිය බලා ගමන් ගනිමින් තිබූ ‘යුරෝෆෙරි ඔලිම්පියා’ නමැති නෞකාවේ වාහන නවතා තිබූ තට්ටුවක ගින්න හටගෙන ඇති අතර නෞකාවේ සිරවී සිටි පිරිසක් බේරාගැනිමට සහන කණ්ඩායම් සමත්ව ඇත.

අදාළ නෞකාවේ මගීන් 239 දෙනෙකු  සහ කාර්ය මණ්ඩලය 51 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන් වැඩි පිරිසක් ඉතාලි ජාතිකයින් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here