බිබිල රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කෙරේ

0
315

බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙසින් නම් කිරීම පසුගියදා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ‍්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ කීර්තිමත්ම වෛද්‍යවරයකු සහ වෛද්‍ය වෘත්තිකයකු ලෙසින් ලක්වැසි ජනයාගේ හදවත් දිනූ, සෞඛ්‍ය සේවාවට අතිවිශාල සේවාවක් සිදුකළ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ එකසිය දෙවෙනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ගෞරව කිරීමක් ලෙස බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස මෙසේ නම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here