තංගල්ල කොස්තාපල් ඝාතනයට කාන්තාවක ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට

0
248

තංගල්ල, විතාරන්දෙණියේදී පෙරේදා රාත්‍රියේදී පොලිස් කොස්තාපල්වරයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුලු සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කොස්තාපල්වරයාගේ නිවසට යාබද හෝටලයක් ඉදිකර ගෙන යන ස්ථානයක සිටි පිරිසක් පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඝාතනය කර තිබුණා.

එහිදී කොස්තාපල්වරයාගේ සොහොයුරාද බරපතල තුවාල ලබා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන හෝටල් හිමිකරුවෙකු ඇතුලු තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

මෙලෙස ඝාතනය කර තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමට අනියුක්තව සේවය කළ 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here