ඉදිරි දින කිහිපයේ රුසියානු ආක්‍රමණය නියතයි – බයිඩ්න්

0
272

ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

අමෙරිකානු බුද්ධි තොරතුරු මත පදනම්ව තමාට ඒ සම්බන්ධයෙන් තහවුරු කල වාර්තා ලැබී ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

කිව් අගනුවර ඇතුලු ප්‍රදේශ රැසක් රුසියාවේ ඉලක්කය වී ඇති බවද ජනාධිපති බයිඩ්න් අනාවරණය කලා.

යුක්රේන දේශ සීමාව ආසන්නයට හමුදා සෙබලුන් 170,000 ත් 190,000 ත් අතර පිරිසක් කැඳවා ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here