ඉන්දියාව ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට සැරසෙයි.

0
531

අ‍ප්‍රියෙල් මාසයේ දී ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉන්දියාව සූදානම් වන බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2020 වසරේ මාර්තු මාසයේ දී කොරෝනා වංසගතය හමුවේ ඉන්දියාව ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටවනු ලැබූ අතර මේ වනවිට එරට විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28 ක් සමග සීමිතව අන්තර්ජාතික ගුවන් ගමන් ක්‍රියාත්මක කරන්නේ ගුවන් බුබුළු ක්‍රමවේදය ඔස්සේයි.

මේ අතර මේ වනවිට ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සියයට අසූවක් තරම් සාමාන්‍ය මට්ටමකට ලගාවී ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කර තිබේ.

2020 මාර්තු මාසයට පෙර ඉන්දියාව තුළ දෛනිකව අභ්‍යන්තර ගුවන් ගමන් 2800 ක් පමණ සිදුව ඇති අතර මේ වනවිට එය දෛනික ගමන් ගමන් 2200ක් දක්වා යළි යථා තත්වයට පත්ව ඇති බව එරට වාර්තා දක්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here