Wednesday, November 20, 2024

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමෙි අරමුණින් මෛත්‍රීගෙන් නව සන්ධානයක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ අද පැවති එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු යහපත් දේට උපරිම සහයෝගය දක්වන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ තිබෙන අඩුපාඩු පිළිබඳව විවෘතවම කතා කිරීමටද පසුබට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

වර්තමානයේදී රටේ තිබෙන තත්වය සම්බන්ධයෙන් ඉතාම කණගාටුදායක බවත්, විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වන ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන බරපතල ගැටලු කණගාටු වන බවත් ඔහු ප්‍රකාශ කරනවා. අතීතයේදී උතුරු පළාත හැඳින්වූයේ සහල් නැළිය ලෙස බව සිහිපත් කරන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ නිසා උතුරේ ජනතාවට එම ගැටලු වඩාත් බලපාන බවයි.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සියලු ගැටලුවලට විසඳුම් සෙවීමට සමත් ශක්තිමත් පක්ෂයක් බවට ශ්‍රීලනිපය පත් කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles