පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නැවක් කොළඹ වරායට

0
283

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නැවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

සිංගප්පුරු සැපයුම්කරුවෙකු මගින් එම ඉන්ධන තොගය රැගත් නෞකාව ඉන්දියාවේ සිට මෙරටට ළගා වූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

දින 30 ක කාලයක් තුළ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් සඳහා ඩොලර් මිලියන 31. 75 ක් ගෙවීමට ණයවර ලිපියක් විවෘත කර ඇති බවත් බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් ද අද මෙරටට ළගා වීමට නියමිතයි. එය සෘජු මුදල් ගෙවීම් යටතේ ලබා ගන්නා අතර ඊට වැය වන මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 26.7 ක් බව වාර්තා වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here