ජනපති ලේකම්වරයාගේ නිලධාරීන් මාරු කිරීම් ගැන පැහැදිලි කිරීමක්

0
316

ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙ‌රෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුලු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකවල තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමද ඊට අයත්.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් සිව් දෙනකු ඉවත් කොට ඒ වෙනුවට පරිපාලන නිලධාරීන් සිව්දෙනකු පත්කිරීමට නව ජනාධිපති ‌ලේකම් ගාමිණී සෙනරත් මහතා පියවර ගෙන ඇත.

ඉකුත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ් කාල සමයේදී ජනාධිපති අරමුදලේ ලිපි ගොනු විශාල සංඛ්‍යාවක් ගොනුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමීණිලි ගණනාවක් මුල් කරගෙන ගාමිණී සෙනරත් මහතා මෙම වෙනස්කම් සිදු කොට තිබේ.

නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථන දීමට ඇතැම් සමාජ මාධ්‍ය උත්සහ ගෙන ඇති අතර ඒවා සාවද්‍ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here