Thursday, November 28, 2024

පළාත් පාලන ඡන්දය මිශ්‍ර ඡන්ද ක්‍රමයට පැවැත්වීමට නිර්දේශ

ඡන්ද ක්‍රමය ගැන පාර්ලිමේන්තු කමිටුව, මගින් කඩිනමින් මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පිළිබඳ නිර්දේශ ලබා දී, පළාත් පාලන ඡන්දයකට යා හැකි බව, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, මහජන එක්සත් පෙරමුණේ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ නියෝජිත සමුළුවට එක්වෙමින්, එහිදී සම්මත කරගත් යෝජනාවක් පිළිබඳ අදහස් දක්වමිනි.

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් (70% කොථඨාස 30% සමානුපාතික) ඇති කර ගන්නා සහ තරුණ කෝටාවක් සහතික කරන මැතිවරණ ක්‍රමයක් මෙම සමුඑව මගින් යෝජනා කර තිබිණි.

මහජන එක්සත් පෙරමුණේ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනය – නියෝජිත සමුළුව, ම.එ.පෙ.නායක, සභානායක,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, රට පුරා ම.එ.පෙ. තරුණ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්, 2022.02.20 දින, මතුගම නගර ශාලාවේදී, පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩ එවා තිබූ අතර, දේශීය හා අන්තර්ජාතික පක්ෂ, සංවිධාන රැසක් සුබ පැතුම් පණිවුඩ යොමුකර තිබිණි.

මෙහිදී කතා කළ ම.එ.පෙ නායක, සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“ම.එ.පෙ. මතය ඉදිරියට ගෙනයන්නට, මේ තරුණ සම්මේලනයට ශක්තිය හා අධිෂ්ඨානය තිබෙනවා. පරාජය මධ්‍යයේ දේශපාලන බලය කරා යන්න, පසුගිය ආණ්ඩුව ගෙදර යවන්න මේ තරුණයා දැවැන්ත ශක්තියක් වුනා. කෝවිඩ් ප්‍රශ්නයෙන් පසුබෑමකට ලක්වූ ආර්ථිකය යළි පිබිදීමේදී වැඩිම වාසිය තරුණයන්ට ලබාදිය යුතුයි. ලෝකය පුරා ඇති නැති පරතරය පළල් වෙමින් තිබෙනවා. නව ආදායම් මාර්ග වර්ධනය කරගන්න, තිබෙන දේශපාලන බලය රැකගෙන කටයුතු කළ යුතුයි. අය වැයෙන් ගමට විශාල මුද්ලක් වෙන් කළේ, මහජන සහභාගිත්වයෙන් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටයි. රටේ උරුමය , සභ්‍යත්වය රැකගැනීම කළ හැක්කේද තරුණ පරම්පරාවටයි.

මෙතනදී යෝජනාවක් සම්මත කරගත්තා, මිශ්‍ර ක්‍රමයට ඡන්දය තියන්න කියලා. පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය ගැන කමිටුවෙ සභාපති විදියට මම කියන්න ඕන, අපි දැන් ඒ කමිටුවෙ කටයුතු කරගෙන යනවා. ඉක්මණින් නිර්දේශ ලබාදීලා, පළාත් පාලන ඡන්දයකට රට ගමන් කරවන්න පුළුවන් වෙයි කියා සිතනවා.  අනාගතය ගැන තාරුණ්‍යයට අපි සහතිකයක් ලබාදිය යුතුයි. රටවල් බෙදන ලොව බලවත් රටවල වැඩපිළිවෙළට එරෙහිව, අපේ රටේ තරුණයෝ වැඩ කර, ඒක,අපි නැවැත්තුවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles