ඇල්ල අවන්හලක දෙවන මහලෙන් වැටී විදේශිකයෙකු ජීවිතක්ෂයට

0
284

ඇල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක දෙවන මහලෙන් පහතට වැටී ඊයේ රාත්‍රියේ චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් පසු දෙමෝදර රෝහලට ඇතුලත් කිරීමේදී අදාළ විදේශීය සංචාරකයා මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඔහු මිරිස්සේ සිට තවත් සංචාරකයින් දෙදෙනෙකු සමග ඇල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මේ සම්බන්ධයෙන් අදාළ තානාපති නිලධාරින් මාර්ගයෙන් ඔහුගේ ඥාතින්ට දැනුම් දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here