Thursday, November 28, 2024

පූජිත්,හේමසිරි නිදහස් කළේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කවුරුන්දැයි සොයා බලා අධිකරණයට වාර්තා කිරීම ආණ්ඩුවේ වගකීමක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කවුරුන්දැයි සොයා බලා අධිකරණයට වාර්තා කිරීම ආණ්ඩුවේ වගකීම බවට ජාතික ජනබලවේගය අවධාරණය කරනවා.

අද පැවති ජාතික ජනබලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් සමුලුව අමතමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි මේ බව කියා සිටියේ.

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවෙන් එම වගකීමද ඉටු නොකරන බවට පැහැදිලි වී ඇති බව අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පළකළා. ආර්ථිකයේ සිදුව ඇති කඩා වැටිම කිසිසේත්ම ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් ඇතිවූ තත්වයක් නොවන බව ඔහු කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles