මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වන නියෝජිත පිරිසේ නායකත්වය GL ට

0
292

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC)  සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිතය.

මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරිස්වරිය  ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු  ඇති අතර  2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි.

විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී, කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංගය අමතනු ඇත.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව පිළිබඳව පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය අමතනු ඇත. තවද, විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරිස්වරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවීමට ද නියමිතය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 20 වැනි දින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here