පවතින මූල්‍යමය තත්ත්වය අනුව ඉන්ධන මිල වැඩි කරන්නම ‌වෙනවා – මහ බැංකු අධිපති

0
427

පවතින මූල්‍යමය තත්වය අනුව ආණ්ඩුව තෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

තෙල් මිල වැඩි නොකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන පවත්වා ගෙන යා නොහැකි බවද හෙතෙම සඳහන් කළේ‍ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කරන්නේ ව්‍යාපාර කටයුත්තක් හෙයින් තෙල් වැඩිමිලට ලබාගෙන අඩු මිලට පාරිභෝගිකයාට ලබාදීමට මේ නිසා ඔවුනට හැකියාවක් නැති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ඉන්දියාවේ තෙල් මිල ගැන සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ තෙල් මිල පවතින්නේ ඉතාම අඩු අගයක බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉන්දියාව එවැනි ඉහළ අගයක් පවත්වාගෙන යන්නේ එරට ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් හරි අඩක් ලෙස පැවතියදී බවද ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල වැඩි කර ජීවන වියදම වෙනත් ක්‍රමෝපායන් අනුගමනය කරමින් කළමනාකරණය කළ යුතු බවද පෙන්වා දුන්නේය.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ බදු සහනයක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් පෙබරවාරි මාසය වනවිට ලබා තිබූ පාඩුව රුපියල් කෝටි 1100 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here