වසර 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ඔස්ට්‍රෙිලියා දේශ සීමා සියලුම වීසා බලපත් හිමියන් සඳහා අද සිට විවෘත කෙරුණා.
එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්යයි.
එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ඇත.
විවිධ කරුණු මත ඔස්ටේ්රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බව සඳහන් වෙි.
එන්නත්කරණයෙන් තොරව පැමිණෙන කවරෙකු හෝ ඊට අදාළ නිසි වෛද්‍ය සාක්ෂි රැගෙන ආ යුතු වනවා.
පසුගිය නොවැම්බර් 01 වනදා අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීමෙන් පසු මේ දක්වා ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රටට පැමිණ ඇති බව සඳහන්ය.