Saturday, November 30, 2024

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පූටින් – බයිඩ්න් නැවතත් සාකච්ඡාවක්

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග මූලික කොන්දේසිවලට යටත්ව සාකච්ඡාවක් පැවැත්වීමට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

ප්‍රංශය විසින් ඉදිරිපත් කල යෝජනාවක් අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය නොකරන බවට වන සහතිකයක් ලැබීමෙන් අනතුරුව බව ධවල මන්දිරය නිවේදනය කළේය.

දශක කිහිපයකට පසු යුරෝපය තුළ උද්ගතවීමට යන බරපතලම ආරක්ෂක අර්බුදය විසඳාගැනීමට මෙමගින් හැකිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග පැය 03 කට අධික කාලයක් පුරා පැවති දුරකථන ඇමතුම් 02 කට පසුවයි ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

අනතුරුව අමෙරිකා – ප්‍රංශ ජනාධිපතිවරුන් අතරද දුරකථන පසංවාදයක් පවත්වා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අනුව රුසියා – අමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් අතර පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles