මන්නාරම, වන්කාලෛ අභය භූමියේ කළ අනවසර ඩ්‍රෝන යානා මෙහෙයුම සම්බන්ධයෙන් පරීක්ෂණ

0
268

මන්නාරම, වන්කාලෛ ප්‍රදේශයේ අභය භූමිය ආශ්‍රිතව සිදුකල අනවසර ඩ්‍රෝන යානා මෙහෙයුම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම් දෙන්නේ එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතෙහි විධි විධාන ප්‍රකාරව අනවසර ඩ්‍රෝන යානා මෙහෙයුම් සිදුකිරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.

මෙම පනත අනුව ශ්‍රී ලංකාව සිදුකරන සියලු ආකාරයේ ඩ්‍රෝන යානා මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here