අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ

0
262

අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කර ගැනීම සදහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙනවා.

ඒ අනුව නෞකාව ඉවත් කර ගැනීමට සාගර කලාපයට පැමිණි විශේෂිත නෞකා දෙක මගින් යකඩ කම්බි යොදාගෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉහළට ඔසවාගෙන යාමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය කියා සිටියේ.

මෙම සියලු කාර්යයන් පරිසරයට අවම හානියක් සිදුවන ආකාරයෙන් කිරීමට බලාපොරොත්තු වන බවද දර්ශනී ලහදපුර මහත්මිය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here