තරුණ පිරිස් වෙත දුම්පානය සඳහා උත්තේජනය සපයන දුම්කොළ ප්‍රචාරණය තහනම් කිරීමට ස්විට්සර්ලන්ත ඡන්දදායකයින් සිය සහාය දක්වා ඇත.
පසුගියදා ඒ පිළිබඳව රටපුරා පැවති ජනමත විචාරණයේදී ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරිම නිසා මෙම තහනමට අවශ්‍ය ප්‍රවේශය නිර්මාණය වී තිබේ.
යුරෝපයේ බෝහෝ රටවල් රැසක් මීට වසර ගණනාවකට පෙර දුම්කොළ වෙළඳ දැන්වීම් සඳහා දැඩි නීති රීති අනුගමනය කර ඇත.
සෞඛ්‍ය සම්පන්න සහ පරිසර හිතකාමී රටක් නිර්මාණය වී පවතින ස්විට්සර්ලන්තය, යුරෝපයේ දුම්කොළ සම්බන්ධයෙන් වඩාත්ම ලිහිල් නීති රීති පවතින රාජ්‍යයකි.
එක්සත් රාජධානිය, ප්‍රංශය හෝ ජර්මනිය මත්පැන්හල්වල සහ ආපනශාලාවල දුම්පානය තහනම් කර බොහෝ කලකට පසුවත්, ස්විට්සර්ලන්ත ජාතිකයින් තවමත් ඕනෑම තැනක දුම්පානය සිදු කරයි.
සුපිරි වෙළඳසැල්, සාප්පු සවාරි යන්නන්ට නිතරම නවතම සිගරට් සන්නාමයන් යටතේ සිගරට් නොමිලේ ලබාදීමද එරට එවකට සිදු විය.
නමුත් මීට වසර කිහිපයකට පෙර එම දේවල් තහනම් කර තිබියදී, දුම්කොළ වෙළඳ දැන්වීම් දැනටත් ජනප්‍රියව පවති.
පසුගිය ඉරිදා මෙම ජනමති විචාරණ ප්‍රතිපලයට ප්‍රශංසා කරමින්, එරට සමාජ ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆ්ලේවියා වාසර්ෆලන් අදාළ සමාජ තහනම සඳහා උද්ඝෝෂණය කළ වෛද්‍යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සංගම්වලට සිය උපහාර දැක්වීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ සමාජ සම්මුතින් මීට වසර 20කට පමණ පෙර ජිනීවාහිදී සාකච්ඡා කෙරිණි.
ස්විට්සර්ලන්තය එය අත්සන් කර ඇත, නමුත් තවමත් එය නියෝජනය කර නොමැත.
යුරෝපයේ බොහෝ රටවල් සමඟ සසඳන විට, ස්විට්සර්ලන්තයේ සිගරට් මිල අඩු අගයක් ගන්නා අතර ස්විට්සර්ලන්ත වැඩිහිටියන්ගෙන් 27% ක් දුම් පානය කරයි.
මේ නිසා දැඩි සීමාවන් හඳුන්වාදීමේ අරමුණින් ගෙන ආ විවිධ නීති නැවත නැවතත් ස්විස් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.
එනිසා තහනමක් ඉල්ලා ජනමත විචාරණයක් සිදු කිරීමට සමාජ සංවිධාන ප්රමුඛ උද්ඝෝෂකයින් ප්‍රමාණවත් අත්සන් එකතු කිරීමෙන් පසුව ස්විට්සර්ලන්ත රජය මේ පිළිබඳව මහජන මතය විමසිමට ඡන්දයක් නිර්දේශ කළේය.
Philip Morris, British American Tobacco සහ Japan Tobacco යන ප්‍රකට දුම්කොල සමාගම් සියල්ලක්ම ස්විට්සර්ලන්තයේ පිහිටා ඇත.
දුම්කොළ කර්මාන්තය වසරකට ඩොලර් බිලියන 6ක් සහ රැකියා 11,000ක් ස්විට්සර්ලන්ත ආර්ථිකයට දායක වනු ඇතැයි ගණන් බලා ඇත.
ස්විට්සර්ලන්තයේ සෑම වසරකම දුම්කොළ ආශ්රිත මරණ 9,000 ක් සිදුවන අතර දුම්කොළ ආශ්රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ පිරිවැය සෞඛ්‍ය පද්ධතියට මහත් බරකි.
ඡන්දයට පෙර, මත විමසුම් යෝජනා කළේ 60% කට වැඩි පිරිසක් තහනමට සහාය දෙන බවයි.
අවසානයේ එය 56% දක්වා අඩු වූ නමුත් බහුතරය මෙම තහනමට එකඟතාවය පල කර සිටි.
– සහන් හේවා ගමගේ –