ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වෙයි.
හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත ඔහු ඊයේ (20) රාත්‍රී 8.30ට පමණ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරනවිටත් ඔහු මියගොස් සිටිබව වාර්තාවේ.
කමල් ලියනාරච්චි මිය යන විට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ (PCCSL) නියෝජනය කළා.
මාධ්‍යවේදී ජිවිතයෙන් අනතුරුව කමල් ලියනාරච්චි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) හරහා සුවිශේෂී වුණේ ජනමාධ්‍ය විෂය අරභයා ගුරුවරයෙක් ලෙසයි.
‘යුක්තිය’ පුවත්පත හරහා සිය මාධ්‍ය ජීවිතය ආරම්භකළ කමල් ලියනාරච්චි, ලක්බිම පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදියෙකු ලෙස සේවය කළේය. පසුව ඔහු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
ලියනාරච්චි මහතා මාධ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීය මට්ටම දියුණු කිරීමේ කටයුතුවලදී ගුරුවරයකු ලෙසින් මෙන්ම පුහුණු වැඩ සටහන් සම්බන්ධිකාරකයකු ලෙස වෘත්තිය වෙනුවෙන් තම කැප කිරීම් කළ මාධ්‍යවේදියෙකි.
මාධ්‍යවේදිනී කමනි හෙට්ටිආරච්චි මහත්මිය සමඟ විවාහ වී සිටි ලියනාරච්චි මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.