ගීතාට බැණ මරණ තර්ජනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

0
270

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ගිතා කුමාරසිංහ මහත්මියට බැණ මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකි.

ණය මුදලක් ලබා නොදිම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා මන්ත්‍රිවරියගේ හඹුරුගල පිහිටි නිවසට ගොස් බැණ මරණිය තර්ජනය කොට ඇති බව පොලිසිය පවසයි.

මන්ත්‍රිවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අයුතු ඇතුල්විම හා බැණ මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here