ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීමට තිබූ කාල සීමාව මේ වන විට අවසන් වී ඇති බවට සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ඉන්ධන ගැටලුව මේ වන විට බැංකු පද්ධතියේ ස්ථායිතාව කෙරෙහි බලපෑම් ඇතිකරවන තත්වයක් දක්වාම වර්ධනය වී ඇති බවයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු රටකට නීති පැනවීමක් සිදුනොකරන බවද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති රීතිවලට ජනතාව එකගනම් එයින් සහය ලබා ගැනීමට සූදානම් බවට ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.