මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා යෝජිත නිල සංචාරක ජංගම යෙදවුම (Mobile App) මේ වසර තුල හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එම ජංගම යෙදවුම Visit Sri Lanka ලෙස නම් කර තිබෙන අතර එය මේ වනවිට සකස් කෙරෙමින් තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි.
ලංකාවට එන සංචාරකයින්ට ගමනාන්ත ඉතාම පහසු කරවමින් සංචාරක ව්‍යාපාරයට අදාල සියලු ස්ථාන වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙි. වගේම මෙයින් රටට ඉතුරු වන ඉතිරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක්.
නව යෙදවුම හඳුන්වාදීමත් සමග සංචාරක ව්‍යාපාරයට අදාල සියලු ස්ථාන වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
උත්සවය සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණ. මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කල www.hotelshipo.com සමාගම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමකි.
මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා යෝජිත නිල සංචාරක ජංගම යෙදවුම මෙම වසර තුල හඳුන්වා දෙන බව සංචාරක අමාත්‍යංශය පවසනවා.
නව යෙදවුම හඳුන්වාදීමත් සමග සංචාරක ව්‍යාපාරයට අදාල සියලූ ස්ථාන වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනු ඇති. මෙම ජංගම දුරකථන යෙදවුම මගින් මෙරට පවතින මිල ගණන් වලටම හෝටල් හා නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට හැකියාව හිමිවනවා.
සියලූම විදේශ මුදල් හරහා මෙම වෙන්කර ගැනීම් සිදුකර ගැනීමට හැකිවීම විශේෂත්වයක්.
මෙම ජංගම යෙදවුම සඳහා මෙරට සියලුම හෝටල් වල තොරතුරු ඇතුලත් කිරීමට නියමිතයි.
සංචාරක ස්ථාන, හෝටල්, ආපනශාලා, සංචාරක තොරතුරු, ගූගල් සිතියම්, ශ්‍රේණිගත කරන ලද සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක පොලිසි හදිසි ඇමතුම් සේවා ආදියද ඊට ඇතුලත් කිරීමට අපේක්ෂිතයි.
මේ සංචාරක ජංගම යෙදවුම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ නව හැරවුමක් ලෙස හැඳින්විය හරක.