Monday, November 18, 2024

මුරපදය නැති වුණා කියලා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වසර 2 කින් යාවත්කාලීන කර නෑ

දේශීය විදේශීය දුම්රිය මගීන්ගේ ගමනාගමන තොරතුරු දැනගැනීම පිණිස අත්‍යවශ්‍යවී පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ පැරණි තොරතුරු ප්‍රදර්ශනය කරමින් පවතින බවත් යාවත්කාල කර නොමැති බවත් වාර්තාවේ.

මේ ගැන මාධ්‍ය සිදු කළ විමසුමකට පිළිතුරු දුන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා ඇත්තේ වෙබ් අඩවිය යාවත්කාල කිරීම සඳහා සර්වරයට පිවිසීමේ මුරපදය අස්ථානගතවී ඇති නිසා එය නතරවී ඇති බවයි. එසේම ඔහු සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය පරණ එකක් වීම නිසා ඒ ගැන සොයා බලන්නට නොහැකිවූ බවත්ය.කුඩා තොරතුරු තාක්ෂණ ඒකකයක් මගින් මෙම කටයුතු සිදු කරන බවද ඔහු පෙන්වාදී ඇත.

මෙම වෙබ් අඩවි යාවත්කාල කිරීමට අවශ්‍ය තාක්ෂණය අයීසීටීඒ ආයතනය සපයා ඇති මුත් ඒවා යාවත්කාල කිරීමේ වගකීම ඒඒ දෙපාර්තමේන්තු සතු වගකීමක් බව පවසන ICTA හිටපු සභාපති ඕෂධ සේනානායක පවසන්නේ රජයට අයත් වෙබ් අඩවි 1300 ක් පමණ ඔවුන් නිර්මාණය කරදී ඇති බවයි.

වසර දෙකකින් යාවත්කාලීන කර නොමැතිවීම හේතුවෙන් විදේශීය සංචාරකයින් ඇතුළු මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles