වරායට ආපු ඩීසල් නැවට ගෙවන්න සල්ලි නැහැලු . දෙන්නත් පුළුවන් ඉල්ලුමෙන් 50% ලු – ගම්මන්පිල කියයි

0
301

රට තුල ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි බවත් මේ වන විට සැපයිය හැක්කේ දෛනික ඉල්ලුමෙන් 50%ක් පමණක් බවත් බලශක්ති අමාත්‍යාංශය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳ පොළේ ඉන්ධන හිගයක් පෙනී යන්නේ ඒ හේතුව නිසා බවද අමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරායට පෙට්රල් නැවක් දැනට පැමිණ ඇති බවත් එයට මුදල් ගෙවා ඇති අතර එය අද දිනයේ වෙළඳපොළට නිකුත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ඩීසල් නැවක්ද වරායට පැමිණ ඇති නමුත් එයට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 35 මෙතෙක් සූදානම් කරගත නොහැකි නිසා එය ගොඩබාන දිනයක් කිව නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ මව්බිම පුවත්පත සමග අදහස් පල කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here