තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගන්න බැංකුවලින් ඩොලර් මිලියන 35 ක් ලබා ගන්න – ජනපති කැබිනටි රැස්වීමේදී අවසර දෙයි

0
299

ඛනිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා බැංකුවලින් ඩොලර් මිලියන 35 ක් ලබා ගැනීමට ඊයේ (21) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබේ.

ඒ අනුව මෙරටට පැමිණ තිබෙන ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක මෙරටට ගොඩබෑමට අවශ්‍ය මුදල් ගෙවීම සඳහා මෙම මුදල් යොදා ගන්නා ලෙසද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර ඩීසල් දින 02 කට සහ පෙට්‍රල් දින 10 කට ප්‍රමාණවත් වන පරිදි වර්තමානයේ රට තුළ පවතී.

මෙම කැබිනට් රැස්වීමේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත.

ඛනිජතෙල් සංස්ථාවට ණය ලබාදීමේදී සීමාව ඉක්මවා ණය ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාරාජ්‍ය බැංකු සඳහා නියෝගයක් ලබා දුන් බවද ඊයේ වාර්තා විය.

ඊයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධනහල් තුළ ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කර තිබුණේය.

අද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here