ජනපතිගේ අත්සනින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

0
295

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විදුලිය සැපයීම සහ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර පසුගිය 11 වනදා මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here