ශ්‍රීලනිපයෙන් ‘තරු’ විසිවේ

0
722

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අපේක්‍ෂකයන් ලෙස නළු නිළියන් ඇතුළු ජනප්‍රිය තරු ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (13 දා) පැවසීය.ජනතාවගේ ඡන්දය පිට්‌ පොකට්‌ ගහන්න ජනප්‍රිය තරු ඉදිරිපත් කරනවා වෙනුවට ගමට වැඩක්‌ කර ඇති ජනතාවට සමීප උගත් බුද්ධිමත් පිරිසක්‌ තෝරා ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස්‌ ලබාදී තිබෙන බවද හෙතෙම කීය.

පක්‍ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශපාලන වශයෙන් අත්දැකීම් නැති ජනප්‍රිය තරු මැතිවරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු සහ මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලද අත්දැකීම් අනුව බවද ඒ මහතා කීය.

මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණ සඳහා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ බිරියන් සහ පුත්‍රයන්, දියණියන් හා හිතවතුන් පමණක්‌ බවත් මෙවර එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කරන බවත් ඇමැතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here