පිටරටින් සහල් ගෙන්වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 500 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
රට පුරා සහල් මෝල් 800 ක් පමණ ඇති අතර එයින් මහා පරිමාණයේ ප්‍රධාන සහල් මෝල් පවා මේ වනවිට නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවෙන් සියයට 75 ක් පමණක් බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
සහල් ආනයනය නොකළ යුතු අවස්ථාවක පසුගිය නොවැම්බර් 15 වැනිදා සහල් ආනයනය ආරම්භ කිරීම මේ තත්ත්වය උදාවීමට හේතුව බවත් වෙළෙඳපොළේ අලෙවි වන සහල්වලින් සියයට 75ක් ඉන්දියාවෙන්, පාකිස්තානයෙන් හා බංග්ලාදේශයෙන් ගෙන්වූ සහල් බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
ඉකුත් දින 90දී සහල් කිලෝග්‍රෑම් කෝටි 35ක් ආනයනය කොට ඇතැයිද දෛනික සහල් අවශ්‍යතාව වන කිලෝග්‍රෑම් ලක්ෂ 60න් කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක්ම ආනයනික ඒවා බවද ඔහු පෙන්වා දුන්නේය.