කොවිඩ් ආසාදිතයින්ට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මියයන පුද්ගලයන් ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට සහ 30 ට වැඩි පුද්ගලයන් වන බවත් වයස අවුරුදු 30 අඩු මරණ පවතින්නේ ඉතාමත් අවම මට්ටමක බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගෙන් බොහෝ පිරිසක් නිදන්ගත රෝගවලින් පෙලෙන සහ දීර්ඝකාලීන ප්‍රතිශක්තිය හීන වන ඖෂධ ලබාගන්නා රෝග තිබෙන පුද්ගලයින් වන අතර එහෙයින් ඔවුන් නිවසේ ආරක්ෂාකාරීව සිටිය ද නිරෝගී පුද්ගලයන් හරහා ඔවුන්ට මෙම රෝගය වැළඳී මිය යාමට හේතුවක් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නිරෝගී අය සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර තුන්වැනි මාත්‍රාව ලබා ගත යුතු බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
මෙම ක්‍රම අනුගමනය කරන්නේ නම් අන් අයට රෝගය බෝවීමේ හැකියාව අවම කරගත හැති අතර එමගින් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවන බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.