Monday, September 23, 2024

පරණ හිතවතිය මුණගැහුණු මෛත්‍රී

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් පවත්වා තිබේ.

එහිදී සිරිසේන මහතා විජයකලා මහත්මියගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයකට ද එක්ව ඇත.

යහපාලන රජය සමයේ විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේ, විජයකලා මහත්මිය හමුවී ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles