Monday, September 23, 2024

මේක භානුකගේ ක්‍රිකට් දිවියේ අවසානය නෙවෙයි – ඇමති නාමල්

එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇතුළත් නොවුනද, එය ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද(22) පාර්ලිමේන්තුවේ දී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද තෝරා ගෙන ඇති භානුක රාජපක්ෂව එළඹෙන ඉන්දීය තරගාවලිය සදහා නම් නොකිරීමට පියවර ගෙන ඇත්තේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යරවයා කියා සිටියේ ඉන්දීය තරගාවලිය සදහා සංචිතය නම් කර ඇත්තේ තේරීම් කමිටුවේ හා පුහුණුකරුවන්ගේ නිර්දේශ මත බවයි.

“භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. හොද අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්.”

“ඔහුව තෝරා නොගැනීමට හේතු පිළිබදව ඔහුවත් දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදිහට මාවත් දැනුවත් කළා.” 

“මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙවෙයි. ඔහුට ඕනෙ තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඉතිං මම විශ්වාස කරනවා ඔහු හොද ආගමනයක් ක්‍රිකට්වලට දෙයි කියලා” 

යනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ඊයේ (21) නිවේදනය කෙරුණු අතර, ඊට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ.

ඒ, ඔහුගේ සමේ මේද මට්ටම නියමිත ප්‍රමාණයට පවත්වා නොගැනීම හේතුවෙනි.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගය එළඹෙන 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

මෙි අතර භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලබා දිය යුතු බවට බල කරමින් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

ශාරීරීක යෝග්‍යතාව පදනම් කරගනිමින් භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කිරීම අසාධාරණ බවයි උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ.

කිලෝ මීටර් 02 ක යෝග්‍යතා ධාවනය භානුක විසින් සම්පූර්ණ කර ඇතත් ස්කින්ෆොල්ඩ් පරීක්ෂණයෙන් ඔහු තවමත් නිසි මට්ටමට පැමිණ නොතිබීම හේතුවෙන් මෙසේ ඔහු ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර ඇති බව වාර්තා වුණා.

‘ඇඟ බැලුවනම් අර්ජුනත් නෑ – 96 ලෝක කුසලානයත් නෑ’ වැනි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරතව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles