Sunday, September 22, 2024

බස් රථ ධාවනයට ඉන්ධන හිඟයෙන් බලපෑම් ! නමුත් දුම්රිය ධාවනයට බාධාවක් නෑ

රටේ ඇතිව තිබෙන ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 250 ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බස් රථය එක් ගමනාන්තයකට පැමිණ අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද පවතින බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්වන එම සංගමය පවසයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අවශ්‍ය තරම් ඩීසල් තොග තිබෙන බවත් ඒ හේතුවෙන් ඩීසල් හිඟය දුම්රිය ධාවනයට බාධාවක් නොවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉදිරි කාලය සඳහා විශාල ඉන්ධන සංචිතයක් ඇති බවත් ඉන්ධන පිළිබඳව ගැටලුවක් මේ දක්වා මතුවී නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේ හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්වන බවත් කීවේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමන වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉන් මේ වන විට ධාවනය වන්නේ 2000 ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්වය දිගටම පැවතුනහොත් බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී මගීන් දැඩි අසීරුතාවයට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අවශ්‍ය තරම් ඩීසල් තොග තිබෙන බවත් ඒ හේතුවෙන් ඩීසල් හිඟය දුම්රිය ධාවනයට බාධාවක් නොවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉදිරි කාලය සඳහා විශාල ඉන්ධන සංචිතයක් ඇති බවත් ඉන්ධන පිළිබඳව ගැටලුවක් මේ දක්වා මතුවී නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles