Sunday, September 22, 2024

මධ්‍යම අධිවෙිගය ගැන වසන්ත කියන්නේ පට්ටපල් බොරු. කිසිම දූෂණයක් වෙලා නෑ

‘මධ්‍යම අධිවේගය ගැන ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ කියන්නේ පට්ටපල් බොරු’ යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාතික පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යවල දූෂණ විරෝධී හඬ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සිදු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමේදී චීන MCC සමාගම එහි ටෙන්ඩරයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ටෙන්ඩර ගෙන ඇත්තේ වෙනත් සමාගම් 4ක් බවත් ඒ මහතා පවසයි.

එහිදී ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉකුත් ආණ්ඩු සමයේදී ලක්ෂ 25,000ක මිලට ඉදිකිරීමට තිබූ කිලෝමීටරයක් ලක්ෂ 43,000ක මිලක් ‌මෙම සමාගමට ගෙවීම හරහා දැවැන්ත මුදල් වංචාවක් සිදුව ඇති බවකි.

කෝටි ගණනාවක විශාල දූෂණයක් වී ඇති බවට වසන්ත සමරසිංහ මහතා කර තිබූ චෝදනා පට්ටපල් බොරු බව කිය සිටි අමාත්‍යවරයා මෙහි කිසිදු දූෂණයක් සිදු වී නොමැති බව අවධාරණය කරයි.

ඔවුන්ට චෝදනාවක් කිරීමටවත් හැකියාවක් නොමැති අතර මෙය තවම ප්‍රසම්පාදන මට්ටමේ පවතින බව පෙන්වා දෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම නිසා කිසිදු දූෂණයක් සිදු වී නොමැති අතර පට්ටපල් බොරුවක් හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ ප්‍රකාශ කර තිබෙන බවද කියා සිටී.

එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත මෙම සමාගම සහ එහි දේශීය නියෝජිතයා සම්බන්ධයෙන් තවත් හෙළිදරව් රැසක්ම සිදුකිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles