තෙල් සංස්ථා ගබඩාවේ ඩීසල් තොග නෑ. නැව ආවට ඩීසල් තොගය ගන්න ඩොලර් නෑ .

0
245

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඩීසල් තොග නොමැති බව වාර්තා වේ.

එහි ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් සහිත නෞකාව මෙරටට ළගාවී දින තුනක් ගතවී තිබුණ ද එහි ඇති ඩීසල් තොගය ලබාගැනීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව ය.

සෙනසුරාදා ළගාවූ පෙට්‍රල් නෞකාවේ තොගය ලබාගැනීමට හැකිවීම නිසා දින කීපයකට පෙට්‍රල් තොග ඇති බවත් සාමාන්‍ය කාලයකදී මාසකට ඉන්ධන නෞකා පහක් හෝ හයක් ළගා බවත් එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් පෙට්‍රල් ලබාගැනීමට ද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

රට පුරා ඉන්ධන පිරවුම්හලවල ඩීසල් නොමැති තත්වයකට පත්ව තිබූ අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළු සේවාවන් රැසක් අඩපණ වන තත්වයකට පත්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here