UDA සේවකයන්ගේ රුපියල් 5000 දීමනාව කපා දැමීමේ සූදානමක

0
365

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි රජයේ දෙපාර්තමේන්තු සංස්ථා අධිකාරි ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් 5000/-ක අමතර දීමනාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කපා දැමීම සඳහා පිඹුරුපත් සකසමින් සිටියි.

එම අධිකාරියේ කාර්ය මණ්ඩල සඳහා මෙම මාසයේ වැටුපට රුපියල් 5000/- දීමනාව ඇතුලත් කර නැත. මේ සම්බන්ධයෙන් නැගුණු විරෝධය හමුවේ 24 වෙනි දින අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවත් පැවසේ. එහෙත් 25 වෙනි දිනට ලබාදිය යුතු වැටුප සමඟ එම දීමනාව ලබාදීම සිදු නොවන බව අනාවරණය වේ.

මෙම තත්වය ඇතිවී තිබෙන්නේ රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සමීප ඉහළ නිලධාරියෙකු මූල්‍ය කලමනාකරණ උපක්‍රමයක් යෙදීමෙන් බව කියවේ.
මෙම මාසයේදී රුපියල් 5000/- දීමනාව නොගෙවීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීම මූල්‍ය පරිපාලනයේදී මෙම මාසයට අදාළව සිදුකරන බව හෙළිවී තිබේ.

Newspedia.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here