තෙල් මිල වැඩි නොකිරීමට තීරණයක් ! ලංවිමෙ බිලියන 80ක ණය මුදල් අමාත්‍යාංශයෙන් ගෙවන්නත් එකඟ වෙයි

0
281

ඉන්ධන මිල වැඩි නොකිරීමට ඊයේ සවස පැවැත්වුණු විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළ බව හා අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් බව කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

එමෙන්ම විදුලි බල මණ්ඩලය විසින් ඛනිජතෙල් සංස්ථාවට ගෙවීමට තිබෙණ රුපියල් බිලියන 80ක ණය මුදල රජය විසින් ගෙවීමට එහිදී එකඟ වූ බව ඊයේ අදාළ කැබිනට් සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනට පැමිණ තිබෙන ඉන්ධන නැවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා එම සාකච්ඡාවේදී මුදල් ප්‍රතිපාදන ලබාදීමද සිදු කළ බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“ඉන්ධන අඛණ්ඩව සපයන්න අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි සාකච්ඡා කළේ. අද ඇවිත් තිබෙන ඉන්ධන නැව සඳහා මේ වෙලාවේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා. ඉන්ධන ඉදිරියේදීත් හිඟයකින් තොරව ලබාදෙන්න ඕන කියන මතයේ තමයි අපි කවුරුත් ඉන්නේ.

ඉන්ධන මිල වැඩිවීමක් මේ අවස්ථාවේ සිදුවෙන එකක් නැහැ.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ වැඩිම මිලකට බොරතෙල් වැඩි වෙලා තිබෙනවා. රජය මේ අවස්ථාවේ කල්පනා කරන්නේ ජනතාවගේ තිබෙන ප්‍රශ්න දිහා බලලා ඉන්ධන මිල තවදුරටත් මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න. ඒ වගේම විදුලිබල මණ්ඩලයෙන් දෙන්න තිබෙන මුදල් රජය දෙන්න එකඟ වුණා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට” යනුවෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here