Wednesday, September 25, 2024

යුගදනවි විදුලිබලාගාර ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අදින් අවසන්

යුගදනවි විදුලිබලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අවසන්කර ඇත.ඒ අනුව එම පෙත්සම් පවත්වාගෙන යන්නේද නැතිද සම්බන්ධව තීරණය ඉදිරියේදී දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ,ප‍්‍රියන්ත ජයවර්ධන,විජිත් මලල්ගොඩසහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගලවිනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණ


පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි,මැල්කම් කාදිනල් රංජිත් පියතුමා,සමගි ජන බල පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර,ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සුනිල් හදුන්හෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරුද වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක්ද අදාල පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

කෙරවලපිටිය, යුගදනවි බලාගාරයට අයත් රජයේ කොටස් වලින් 40%ක් අමෙරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අතර ඒ අනුව මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles