Wednesday, September 25, 2024

නිමල් ලංසා ජනාධිපතිවරයාට ලියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (පෙබ. 23) දින ලිපියක් යොමු කළ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු දැක්වීමක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, ලිපියේ සඳහන් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන අතර ජනාධිපතිවරයා එම කරුණු පිළිබඳව ශුභවාදීව සලකා බලනු ඇතැයි තමා සිතන බව ය.

එම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සඳහන් නොකරන්නේ පාර්ලිමේන්තුව තුළ එයට විසඳුම් ලබා දිය නොහැකි අතර විසඳුම් ලබා දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවින් යැයි ඔහු පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළකර තිබෙනවා.

එම ලිපිය තුළ තමන් සිය කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට හේතුව සහ තමන්ට මුහුණ දීමට සිදුවූ ගැටළු සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව මෙම ලිපිය ප්‍රධාන කරුණු 4ක් අන්තර්ගත වන බව ඔහු පවසා සිටිනවා.

මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කඩිනමින් පරීක්ෂණයක් සිදු කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, “ජීවත් වන්නට ඔක්සිජන් ඕනෑ නෑ කියූ කෙනෙකු සමග තර්ක කරන්නට හෝ ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට නොයන ලෙස තමාගේ ඡන්දදායකයින් පැවසූ බැවින් තමා නිහඬව බලා සිටි බව” ය.

මාර්ග සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැන තර්ජනය කරන හඬ පටයක් පසුගිය පෙබරවාරි 18 වන දා මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි.

තම බල ප්‍රදේශයේ සිදු කරන මාර්ග සංවර්ධන කටයුත්තක් නවතා දමන ලෙස එහිදී සනත් නිශාන්ත මහතා නිමල් ලන්සා මහතාට ප්‍රකාශ කරන අයුරු එම හඬපටයේ සටහන් වී තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලන්සා,

“මගේ අමාත්‍යාංශයේ සිදුවෙච්ච සිද්ධිය ගැන කරුණු 4 ක් යටතේ ජනාධිපතිවරයා වෙත මම ලිඛිත ව දැනුදුන්නා..
මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා ඒ පිළිබඳ ව කඩිනමින් පරීක්ෂණයක් සිදුකරයි කියලා..
මොකද ඒක විසඳන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි..”
“මේ රට වැටිලා තියෙන තත්ත්වයට මේ රට පාලනය කරපු සියලුදෙනා වගකියන්න ඕනේ.. අපි ඔක්කොම වගකියන්න ඕනේ..”
“ඒ නිසා මේ රටේ අද තියෙන ප්‍රශ්නයට අපි එකතු වෙන්න ඕනේ..
අපි එකතුවෙලා ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ..”
“අපි දෙවියන් වහන්සේ විශ්වාස කළාට දෙවියන් වහන්සේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නෑ නේ..”
“ඒ නිසා අපි එයාටයි මෙයාටයි ඇඟිල්ල දික්කරලා වැඩක් නෑ.”
“ගස වටේ වැල් එතුන ම ගස ආරක්ෂා වෙනවා.. ඒත් සමහර වැල් ගස වටේ එතුන ම ඒ ගස විනාශ වෙනවා..
“මගේ අමාත්‍යාංශයේ සිදුවෙච්ච සිද්ධියට අදත් ප්‍රතිප්‍රහාර දෙනවානම් මට දෙන්න පුළුවන් දරුණු වෙන්න..
නමුත් මම ඒ තත්ත්වයට යන්නේ නෑ..
මගේ ඡන්දදායකයෝ කිව්වෙත් ඒක..”
“ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරය දරුණු වෙන්න පුළුවන්..”
“ජනතාවට ජීවත්වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙද්දි අපේ පණ ලොකු කරගෙන යන්න මට අවශ්‍ය වුණේ නෑ..
ඒ නිසා මම අඩියක් පස්සට තියලා නිහඬ වුණා..”
“නමුත් අපේ ම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු මට ප්‍රහාර එල්ල කරන්න ගත්තා..”
“මිනිස්සුන්ට ජීවත්වෙන්න ඔක්සිජන් ඕන්නේ නෑ කියලා කියන කෙනෙක් එක තර්කයකට යන්න එපා කියන එක තමයි මගේ ඡන්දදායකයෝ මට කිව්වේ..”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles