ඇතුගල්පුර පිවිසුමේ පළමු මස ආදායම කෝටි 10 ඉක්මවයි

0
266

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර විවෘත කිරීමෙන් පසු පළමු මාසය තුළ රුපියල් කෝටි 10කට අධික ආදායමක් උපයා ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම කාලසීමාවේ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස තුළ වාහන ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ධාවනය කර තිබෙනවා.

ජනවාරි 16 වන දින සිට පෙබරවාරි 21 වන දින අතර කාලය තුළ රථවාහන 510,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර ඇති අතර එම රථවාහන ගමන් කිරීමෙන් රු 109,659,600.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය 2022-01-15 වන දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබීය.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්ජුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here