පුටින්ගේ ඉල්ලීමට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය

0
655

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදේශයන්හි හමුදා භාවිතය සඳහා කළ ඉල්ලීම ඒකමතිකව අනුමත කර තිබෙනවා.

රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය මෙම තීරණය ගෙන තිබෙනවා.

“අදාළ යෝජනාව සම්මත කර ගැනීමට සෙනෙට් සභිකයින් ඒකමතිකව සහාය දුන්නා” යනුවෙන් ෆෙඩරේෂන් කවුන්සිලයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර නීතිය අනුව පොදුවේ පිළිගත් මූලධර්ම සහ සම්මතයන් මත රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා විදේශයන්හි භාවිතා කිරීමට අවසර දෙන බව අනුමත කරන ලද යෝජනාවේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here