යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

0
557

යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කවුන්සිලයේ පැවති රැස්වීමකින් පසුව, ඉහළ ආරක්ෂක නිලධාරි ඔලෙක්සි ඩැනිලොව් මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව දැනටමත් රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් සමඟ යුද්ධයක යෙදී සිටින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල හදිසි නීතිය පනවන බව සඳහන්.

එය මුලින් දින 30ක් පවතිනු ඇති බවත් මෙම පියවර යුක්‍රේන පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here