හෙට (24) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහාමරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව හෙට දිනයේදීත් පැය 4 විනාඩි 30 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.
ඒ අනුව ඒ,බී හා සී කලාප සඳහා පැය 04 විනාඩි 40 ක විදුලි කප්පාදුවක්ද, අනෙකුත් කලාප සඳහා පැය 04 විනාඩි 30 ක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට නියමිතයි.
ඉතිරි කාණ්ඩ සඳහා උදේ 8.30 සිට රාත්රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර එයත් උදෑසන කාලයේ පැය දෙකක් හා රාත්රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක් ලෙස කොටස් දෙකකට විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
මින් පෙර විදුලිය විසන්ධි නොකෙරුනු කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශ සඳහාද හෙට (24) සිට විදුලිය විසන්ධි වන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.