සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි.

0
426

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් සහ කවියෙක් වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්තව ඇත.

මිය යන විට එතුමා 78 වැනි වියෙහි පසුවිය.

හිටපු ‘සිළුමිණ’ කර්තෘ සහ කවියෙකු වන මීමන ප්‍රේමතිලකයන්ගේ පුත්‍රයෙකු වන සුනිල් මාධව ප්‍රේමතිලක ග්‍රන්ථ කිහිපයක් ම ලියා ඇත. ‘හඬනු මැන නිදහස‘ ජෝන් බ්‍රයිලි රචිත කෘතියක පරිවර්තනයකි.

“සත්‍යවාදියෙකුගේ දිනපොත“ – “අන්ධකාරයේ දරුවා“ – “මිනිසෙක්“ – “ඇමරිකා ඇමරිකා“ – “සැබෑ කවියකුගේ කතාව“ – “ශ්‍රේෂ්ඨයා“ – “ජීවිතය සුන්දරයි“ මේ කෘතීන් ය.

ලක්දිව, ලක්මිණ හිරු වැනි විකල්ප පුවත්පත් මෙන්ම ‘දිවයින’ සහ ‘ලක්බිම’ වැනි ජාතික පුවත්පත් වලටද එතුමා සිය පෑන මෙහෙයවීය.

අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here