Thursday, November 14, 2024

තුන්වෙනි ලෝක යුද්ධයකට පාර කපමින් පුටින් බටහිර විරෝධය නොතකා යුක්‍රේනයේ හමුදා මෙහෙයුමක් දියත් කරයි

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් නැගෙනහිර ‍යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ හමුදා මෙහෙයුමක් නිවේදනය කර තිබේ. එරට රූපවාහිනිය අමතමින් හෙතම මෙම නිවේදනය නිකුත් කර තිබේ. රුසියානු ජනාධිපති පුටින් විශේෂයෙන් සඳහන් කරන්නේ බටහිර සහ යුක්‍රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම හමුදා මෙහෙයුම නිවේදනය කළ බවය.

යුක්‍රේනයේ නැගෙනහිර කලාපය තුළ ඩොන්බෑස් කලාපය පිහිටා තිබේ. රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මෙවැනි බටහිර සහ යුක්රේනය දක්වන ප්‍රතිචාර අඛණ්ඩව සිදු වුවහොත් මෙවැනි ප්‍රතිවිපාක ද අඛණ්ඩව සිදුවිය හැකි බවය. යුක්‍රේනයේ නැගෙනහිර කලාපයේ යුධ කලාපවල සිටින හමුදා භටයින්ට අවි බිම තබා නැවතත් නිවාස වලට පිටත්ව යන ලෙස රුසියානු ජනාධිපති පුටින් දැනුම් දී තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර මෙම මත ගැටුම ඇති වී තිබෙන්නේ යුක්‍රේනය, නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වීමත් සමඟය. රුසියාව සඳහන් කරන්නේ යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා නොදිය යුතු බවය. කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කරන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදිය යුතු බවය.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ හමුදා මෙහෙයුම් සදහා අණ ලබාදී ඇති අතර , විදෙස් හමුදා මැදිහත් වීමක් සිදුවුවහොත් අනෙකුත් ජාතීන්ට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවද නිවේදනය කර ඇත.

රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05 ට ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි.

පුටින් රූපවාහිනිය ඔස්සේ සඳහන් කළේ යම් ලේ වැගිරීමක් සිදු වුවහොත් එහි වගකීම යුක්රේන පාලනය බාරගත යුතු බවයි. එනිසා වහාම අවි ආයුධ බිම තබා යටත් වන ලෙස ඩොන්බාස් කලාපයේ සිටින යුද සෙබළුන්ගෙන් ඉල්ලා සිටියා.

“අවි බිම තබා ගෙදර යන්න” යැයි මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේන හමුදා සාමාජිකයින්ට සිය කතාවේදී දැනුම් දී ඇත.

තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොව එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විදිමට සිදුවෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ යුක්රේන් අගනුවර වූ කීව් නුවර පිපිරීම් සිදුව ඇති බවකි.

යුක්රේනයේ කිව් අගනුවරින් වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු බවයි එහි රැදී සිටින බී බී සී මාධ්‍යවේදියා සඳහන් කළේ.

එසේම යුක්රේන ජනාධිපති වොලොද්මිර් සෙලෙන්ස්කි සඳහන් කළේ මිසයිල ප්‍රහාර කිහිපයක් ද තම රටට එල්ල වී ඇති බවයි.

බටහිර කලාපය සහ යුක්‍රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි ඔහු පවසා තිබෙන්නේ.

තවද රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටින්නේ, බටහිරින් සහ යුක්‍රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.

යුක්ක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට එරෙහි රුසියානු ක්‍රියාමාර්ගයක් ලෙසයි මෙම තත්ත්වය හැදින්විය හැකි වන්නේ. රුසියාව අඛණඩව අවධාරණය කර සිටින්නේ යුක්ක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබානොදිය යුතු බවයි.

රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බව පැවැසීමත් සමග ලෝකයම යම් තිගැස්මකට ලක්ව තිබෙනවා. තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොවන බවද කෙසේ වෙතත් එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිමට අවශ්‍ය බවද පුටින් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මෙම අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි.එලෙස සම්බාධක රටවල් අතර මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, සහ ජපානයයි.රුසියානු මූල්‍ය ආතයනවලට ඇමෙරිකා ඩොලර් ගනුදෙනුවලට සහ වෙළෙඳපොළ බලශක්ති අපනයනය සහ මූල්‍ය යනාදී ක්ෂෙත්‍රවලින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වන අයුරින් මෙමමෙම සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළේ, රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව දැඩිව හෙළා දකින බවයි.

කෙසේ වෙතත්, රුසියානු සමූහාණ්ඩුව යුක්රේනය අත්පත් කර ගැනීමට සැලසුම් නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා තිබුණි.

පුටින් ජනාධිපතිවරයා සඳහන් කළේ යුක්රේන ජනතාවට රට පාලනය කරන්නේ කවුරුන්ද යන්න නිදහසේ තෝරාගැනීමට හැකිවීම සඳහා මෙම මෙහෙයුම දියත් කරන බවයි . මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ රුසියානු හමුදාව විසින් ප්‍රකෝප නොකළ සහ අසාධාරණ ප්‍රහාරයක් බව මෙය හදුන්වන බවයි . ජනාධිපති පුටින් තෝරාගෙන ඇත්තේ ව්‍යසනකාරී ජිවිත හානියක් සහ මිනිස් දික් වේදනා ගෙන දෙන පුර්ව සැලසුම් සහගත යුද්ධයක් බවයි ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ . කෙසේ වුවත් මුළු ලෝකයේම යාඥාවන් යුක්රේනයේ ජනතාව සමග බව ඔහු වැඩි දුරටත් කියාසිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles