Thursday, September 19, 2024

2014 වර්ෂයෙන් පසු ප්‍රථම වරට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 100 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා ක්‍රියාන්විතයක් අරඹන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් නිවේදනය කිරීම ඊට එක් හේතුවක් බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර මෙම යුද උණුසුමේ බලපෑම සමස්ත ලෝකයටම එල්ලවෙමින් තිබෙනවා. මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2014 වසරට පසු වාර්තා වූ වැඩිම මිල එය වේ.

මෙවැනි ඉහළ අගයක් වාර්තා වී තිබෙන්නේ 2014 වසරෙන් පසුව වීම විශේෂත්වයකි.

ඒ අනුව බොර තෙල් බැරලයක මිල ඉදිරියේදි ඩොලර් 110-115 දක්වා ඉහළ යනු ඇති බවට මත පළ වෙනවා.

මෙම තත්වය මත ඉදිරියේදී බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි අතර, බොරතෙල් හිගයක් මතුවීමටද ඉඩ තිබෙනවා. ඊට හේතුව වන්නේ ලොව දෙවැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා රුසියාව වීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles