Thursday, September 19, 2024

රුසියාවෙන් එල්ලවන ඕනෑම තර්ජනයකට සූදානම් – යුක්‍රේන ජනපති

තම රටට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවන බව යුක්‍රේනය නිවේදනය කර තිබෙනවා.

එරට රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් පුටින් සදහන් කර ඇත්තේ නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් ආරම්භ කරන බවය. ඒ අනුව අවි බිම තබා නිවෙස් වෙත යොමුවන ලෙස එම කලාපයේ රැඳීසිටින යුක්‍රේන හමුදා සෙබළුන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ යම් හෙයකින් ලේ වැගිරීමක් සිදුවුවහොත් ඊට යුක්‍රේනය වගකිව යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර රුසියානු හමුදා යුක්‍රේනය වෙත යැවීම නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා තිබෙනවා .

”මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න ලෙස ඇන්ටෝනියෝ ගුටේරස්ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ රුසියන් තානාපති වැසීලි නෙබෙන්සායා දැනටමත් විශේෂ හමුදා මෙහෙයුම පටන් ගෙන ඇති බව පිළිගෙන තිබෙනවා.

රුසියාවෙන් එල්ලවන ඕනෑම තර්ජනයකට මුහුණදෙන බව යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අවධාරණය කරනවා.

තමා ඊයේ (23) රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ට දුරකථනයෙන් කතා කිරීමට උත්සාහ කළ බවත් එය අසාර්ථක වූ බවත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. මේ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ කියුව් අගනගරයට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති සඳහන් කළේ රුසියාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහොත් තමන් ද ඊට ප්‍රතිචාර දක්වන බවයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් එරට පුරා හමුදා නීතිය පනවා තිබෙන අතර කලබල නොවී සිටින ලෙස ඔහු සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා .

ඔහු කියා සිටියේ මෙය ලෝක යුද්ධයක මුල බවයි.

මේ වන විට යුක්‍රේන දේශසීමාව ආසන්නයේ ලක්ෂ දෙකක රුසියානු භට පිරිසක් සහ යුද උපකරණ ස්ථාන ගතකර ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා.

යුක්රේන ජනාධිපතිවරයා හරඟීමිබර වෙමින් රුසියානු ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා සිටියේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සිය ජනතාව සටන් වැදෙනු ඇති බවයි.” ඔබලා පැමිණි විට අපගේ පිටුපස නොව මුහුණට මුහුණ දැකීමට හැකිවෙනු ඇති” යැයි යුක්රේන ජනපතිවරයා සඳහන් කර සිටිනවා.

රුසියාව දැන් ඕනෑම දිනක දී යුරෝපයේ දරුණු යුදමය තත්ත්වයක් ඇතිකිරීම සැරසෙන බැවින්, ඊට විරුද්ධ වන ලෙස යුක්රේන ජනාධිපතිවරයා රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර රුසියාවේ යුදමය තීරණය ගැන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් දක්වමින් කියා සිටියේ තමන් එය දැඩි සේ හෙළා දකින බවයි.” ජනාධිපති පුටින් සැලසුම් සහගත ලෙස යුද්ධයක් තෝරා ගෙන ඇත. එය මහත් ව්‍යවසනයක් ගෙන දෙනවා පමණක් නොව ජිවිත හානි රැසක් සිදුවෙනු ඇති. මෙමගින් ඇතිවෙන සියලුම ජිවිත හානි සඳහා රුසියාව පමණක් වගකිව යුතුයි” අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

යුක්රේන ජනතාවට අවශ්‍ය සාමය මිස යුද්ධයක් නොවන බවද වොලොඩිමිර් සෙලෙන්ස්කි අවධාරණය කළා.

එමෙන්ම එංගලන්තය සහ ඇමරිකාව යුදමය වශයෙන් යුක්රේන රජයට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) රැස් වුණා.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉල්ලා සිටියේ සටන් විරාමයකට ගමන් කරන ලෙසටයි.

යුක්රේන දේශසීමාවේ රුසියාව සතුව 200,000කට ආසන්න භට පිරිසක් සහ සටන් වාහන දහස් ගණනක් ඇති බව ඔහු පැවසීය.

රුසියානු භාෂාවෙන්ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි වඩා හැඟීම්බර ලෙස ආයාචනා කරමින් රුසියානුවන්ට කියා සිටියේ මෙම ප්‍රහාරයන් ප්‍රතික්ෂේප කරන ලෙසයි. යුක්රේනය ගැන අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතින බවද කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles