Friday, September 20, 2024

යුක්‍රේන හමුදා කඳවුරු වලට කෘස් මිසයිල වැස්සක්…! ජනතාව සිය නිවාසවලින් පලා යයි

යුක්‍රේන ප්‍රධාන හමුදා කඳවුර ඇතුළු හමුදා කඳවුරු කිහිපයකට දැවැන්ත මට්ටමේ කෘස් මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

රුසියානු ජනපති පුටින් යුක්‍රේන ආක්‍රමණය කරන බව නිවේදනය කිරීමත් සමඟ කිව් නුවර සහ අනෙකුත් නගර වල ජනතාව මේ වන විට සිය නිවාස වලින් පලායමින් සිටින බව වාර්තා වේ.

අද උදෑසන කාලයේ සිටම ATM යන්ත්‍ර අසළ සහ ගෑස් පිරවුම්හල් අසල ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුණි.

ඇතැම් පිරිස් සිය නිවාස තුල ඇති භූග බංකර වල සැඟවීමට පියවරගෙන ඇති අතර බොහෝ පිරිසක් යන එන මං නොමැතිව කිව් නුවර මෙට්‍රෝ දුම්රියපොළේ එක් රැස්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයේ කාකීව් ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර වලින්වැනසුණු නිවාස සංකීර්ණයක්.
ජීවිත හානි මෙතෙක් අප්‍රකාශිතයි.

අද දිනයේ ආරම්භ වූ ප්‍රහාරය සමග යුක්රේනයේ ප්‍රධාන නගර රැසක හමුදා ඉලක්ක රුසියාව විසින් වනසා දමා තිබුණා.
මේ අතර ජාත්‍යන්තරයේ සහාය සහිතව තමන් ජයගන්නා බවයි යුක්රේන ජනපතිවරයා සදහන් කළේ.

උතුරෙන් දකුණෙන් සහ නැගෙනහිරින් රුසියන් හමුදා සහ යුධ ටැංකි එකවර යුක්රේනයට ඇතුළු වී තිබේ.

යුක්රේන් අගනුවර යුධ කඳවුරු, උණ්ඩ ගබඩාවල් ගුවන් තොටුපොළවල් වලට බෝම්බ සහ මිසයිල් ප්‍රහාර එල්ල වීමෙන් යුක්රේන් භටයන් 100 ගණනක් මරු මුවට පත්ව ඇතැයි වාර්තා වේ.

රුසියානු යුධ ගුවන් යානා 6ක් බිම දැමු බවත් රුසියානු භටයන් 50ක් මියගිය බවත් යුක්රේන ජනාධිපතිවරයා කීය.

රුසියාවට සහය දීම සඳහා බෙලාරුසියාවද සිය හමුදා යුක්රේනයට යවා තිබේ

නැගෙනහිර යුක්රේනයේ නගර ගණනකට ප්‍රහාර එල්ල වී තිබේ
පෝලන්ත දේශ සීමට ආසන්නවද පිපිරීම් සිදුවී තිබේ.

බටහිර යුක්රේනයේ තිබෙන Ivano-Frankivsk ගුවන් තොටුපොළට කෘස් මිසයිල් ප්‍රහාරයක් එල්ලවී ඇත.

රුසියානු හිතවාදී යුක්රේන කැරලිකරුවන් ඉදිරියට යමින් ගම්මාන දෙකක් අල්ලා ගත බවත් යුක්රේන ජෙට් යාන දෙකක් බිම දැමු බවත් කියනු ලැබේ .

යුක්රේනයේ ප්‍රධාන වරාය වන ඔඩේස්සා වරායටද ප්‍රහාර එල්ල වී තිබේ
පුටින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ යුක්රේනය නිර්මිලිටරිකරණය සහ නිර්නාසිවාදී කරණය කිරීම සඳහා හමුදාව යවන බවය

එහි අර්ථය වන්නේ රුසියානු හමුදා මුළු යුක්රේනයම අල්ලාගෙන යුක්රේන පාලනය පෙරලා රුසියාවට හිතවත් පාලනයක් පිහිටුවා මිස ආපසු නොඑන බවය.

රුසියානු යුධ ගුවන් යානා යුක්රේන්
අගනුවරවන කිව් වෙත මිසයිල
ප්‍රහාර දියත් කර ඇත.යුක්රේනයේ ගුවන් කඳවුරු, ගුවන් ආරක්ෂක
පද්ධතීන් විනාශ කළ බවද රුසියාව කියයි.

ව්ලැඩිමීර් පුටින් යුක්රේන හමුදාව අමතමින්, “බාධාවකින් තොරව යුධ පිටියෙන් ඉවත් විය හැකි” බවට කියා සිටි.අතර ,”ඔබේ ආයුධ බිම තබන” ලෙස යුක්රේන් සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේය.,

මෙි අතර රුසියානු සන්නද්ධ හමුදා යුක්රේනයේ නගරවලට පහර දෙන්නේ නැති බවත් සිවිල් ජනතාවට අනතුරක් නැතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අද බ්‍රහස්පතින්දා උදේ සිට රැසියාව යුක්රේනයට පහරදීම ආරම්භ කිරීමෙන් පසු මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.

‘රුසියානු සන්නද්ධ හමුදාව යුක්රේනයේ නගරවලට කාලතුවක්කු හෝ ගුවන් ප්‍රහාර එල්ල නොකරයි, මිලිටරි යටිතල ව්‍යුහයට ඉහළ නිරවද්‍ය ආයුධවලින් පහර දෙයි.
“යුක්රේනයේ හමුදා යටිතල පහසුකම්, ගුවන් ආරක්ෂක පහසුකම්, මිලිටරි ගුවන් තොටුපලවල්, යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ ගුවන් සේවා අධි-නිරවද්‍ය ආයුධ සමඟ අක්‍රීය කර ඇත,” යනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශ නිල නිවේදනයේ දැක්වේ.

සිවිල් ජනතාවට කිසිවක් තර්ජනයක් නොවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සහතික කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles